“කමනී… කෙල්ලේ…
සාලේ පැත්තෙන් ඇහුණු ඒ ගොරෝසු පිරිමි කටහඬට මගේ හිත ගැස්සිලා ගියා. ඒ කටහඬේ තිබුණේ නිකම්ම නිකන් කතා කිරීමක් නෙවෙයි. අවුරුදු ගාණක් තිස්සේ වේලි වේලි තිබුණු ඉඩමකට මහා වතුර පාරක් ඉල්ලලා කෑගහනවා වගේ අමුතුම ස්වභාවයක් ඒකේ ගැබ් වෙලා තිබුණා. මම හිටියේ කුස්සියේ. මැටි ළිපේ දර කෑලි දෙකක් එකතු කර කර ගින්දර අවුස්සන ගමන්. එළියේ ධාරාණිපාත වැස්ස. ගෙදර කරන්ට් එකත් ගිහිල්ලා. මුළු පළාතම ගිලගෙන තිබුණේ ඝන කළුවරක්. කුස්සියේ ළිප් බොක්කෙන් එන රතු පාට ගින්දර එළිය විතරයි මගේ මූණට වැටුණේ.
මම මගේ තුනී චීත්ත ගවුම අත් දෙකෙන් හදාගත්තා. වැස්සේ සීතලටයි, ළිපේ රස්නෙටයි මගේ ඇඟේ දාඩිය දාලා, ගවුම ඇඟටම ඇලිලා තිබුණේ. මගේ පපුවේ ගැස්ම මටම දැනෙනවා. මම දන්නවා එළියේ කවුද ඉන්නේ කියලා. මට වැඩ පෙන්නන මගෙ ආසාවල් ඉස්ට කරන මාමන්ඩි නම සෝමෙ. මුළු ගමම දන්න “හෙළ ගොවියා”.
මම කුස්සියේ දොර රෙද්ද එහාට කරලා සාලෙට එබුණා. සාලේ මැද තිබුණු ටීපෝ එක උඩ කුප්පි ලාම්පුවක් පත්තු වෙනවා. ඒ මලානික එළියෙන් මම දැක්කේ හාන්සි පුටුවේ දිගා වෙලා ඉන්න යෝධයෙක් වගේ මනුස්සයෙක්ව. සෝමෙ මාමන්ඩි. එයා උඩට ඇඳුමක් ඇඳලා හිටියේ නෑ. එයාගේ කළුම කළු, අව්වට වේලිලා හයිය වෙච්ච පපුව ලාම්පු එළියට දිලිසෙනවා. පපුව පුරාම තියෙන සුදු වෙච්ච රෝම ගස් අතරින් එයාගේ මස් පිඬු නළියනවා මට පෙනුණා. වයස පනස් පහක් වුණාට, තාමත් අවුරුදු විසි පහක කොල්ලෙක්ටවත් නැති හයියක් ඒ ඇඟේ තියෙන බව මම ඕන තරම් දැකලා තියෙනවා.
“ඇයි මාමන්ඩි…?”
මම ඇහුවේ එයාට ටිකක් කිට්ටු වෙලා. මගේ හෙවනැල්ල බිත්තියට වැටිලා ලොකුවට පෙනුණා. මාමන්ඩි හෙමීට ඇස් ඇරලා මගේ දිහා බැලුවා. ඒ බැල්ම… ඒ බැල්ම මගේ හිත පසාරු කරගෙන ගියා. එයා බැලුවේ මගේ මූණ දිහා විතරක් නෙවෙයි. එයාගේ ඇස්වල තිබුණේ වචනයෙන් කියන්න බැරි තරම් ලොකු සහ තනිකමක්.
“මට නිවාගන්න බැරි තිබහක් එනවා දුවේ… උගුර නිකන් වේලිලා වගේ… මේ සීතල අස්සේ ඇතුලෙන් පිච්චෙනවා…” මාමන්ඩි කිව්වේ ගොරෝසු, ඒත් හරිම දුක්බර කටහඬකින්.
මම දන්නවා එයා මේ කියන්නේ වතුර තිබහක් ගැන නෙවෙයි කියලා. එයාට ඕන වෙලා තිබුණේ වතුර නෙවෙයි, හිතේ තියෙන ගින්දර නිවාගන්න කෙනෙක්ගේ වචනයක්. අපි දෙන්නා මේ ගෙදර තනි වෙලා දැන් මාස ගාණක්. මගේ මහත්තයා, ඒ කියන්නේ එයාගේ එකම පුතා නැති වුණාට පස්සේ, මේ වලව්ව වගේ ගෙදරට පිරිමි හුස්මකට හිටියේ එයා විතරයි. ගැහැණු සුවඳකට හිටියේ මම විතරයි.
“තිබහට වතුර බිව්වට හරියයිද මාමන්ඩි…?” මට ඕන වුණා එයාගේ හිත හදන්න. “මේ සීතලේ හැටියට වතුර බිව්වොත් තවත් සීතල වෙයි… ඊට වඩා හොඳ නැද්ද ඇඟ රත් වෙන උණුසුම් දෙයක් බිව්වොත්?”
මාමන්ඩි හාන්සි පුටුවෙන් ටිකක් කෙලින් වුණා. එයාගේ ඇස්වල තිබුණු පාළුව ටිකක් මැකිලා යනවා වගේ මට පෙනුණා. “උණුසුම් දෙයක්? උඹට පුළුවන්ද දුවේ මගේ මේ හිතේ තියෙන සීතල නැති කරන්න…?”
මම පොඩි හිනාවක් දාලා එයාගේ ළඟටම ගියා. “හිතේ සීතල නැති කරන්න පුළුවන් ආදරේට විතරයි මාමන්ඩි… මම උණු කෝපි එකක් හදන් එන්නම්. අපි දෙන්නා ටිකක් කතා කරමු…”
මම කුස්සියට ගිහින් කෝපි එකක් හදන්න පටන් ගත්තා. වතුර කේතලේ ළිපේ තියලා මම බලාගෙන හිටියා. කෝපි එකත් අරන් මම ආයේ සාලෙට එනකොට මාමන්ඩි හාන්සි පුටුව යට තිබුණු මල්ලක් අතට ගත්තා.
“ආ… කෝපි එක බොන්න කලින් මේක කාපන්…” මාමන්ඩි මගේ අතට දුන්නේ රතු පාටට ඉදුණු රඹුටන් පිරුණු මල්ලක්. “මම අද ටවුමට ගියාම දැක්කා… දැක්ක ගමන් මට උඹව මතක් වුණා…”
මම රඹුටන් මල්ල දැක්කම මගේ ඇස් දිලිසුණා. මම පොඩි කාලේ ඉඳන්ම රඹුටන් වලට මාර පෙරේතයි. මහත්තයා නැති වුණාට පස්සේ මට ආස දෙයක් ගෙනත් දෙන්න කෙනෙක් හිටියේ නෑ. මම ඉක්මනට මල්ල අරන් රඹුටන් ගෙඩි දෙකක්ම එකපාර ලෙලි ඇරලා කටේ දාගත්තා. මම ඒවා කෑවේ හරියට දවස් ගාණකින් කන්න නැතුව හිටපු කෙනෙක් වගේ ආසාවෙන්.
මාමන්ඩි මගේ දිහා බලාගෙන හයියෙන් හිනා වුණා. ඒ හිනාව නිසා ගෙදර තිබුණු මූසල පාළුව මැකිලා ගියා.
“හිමින් කාපන් බං… ඕක හිරවෙයි… උඹ රඹුටන් වලට මාරම ආසයි නේද? කටේ දෙක දෙක දාගෙන කන්නේ පෙරේත කමටමයි…” මාමන්ඩි හිනාවෙවී කිව්වා.
මම රඹුටන් ඇටේ එළියට දාලා මාමන්ඩි දිහා බැලුවා. “මට ආස හිතුණා මාමන්ඩි… ගොඩ කාලෙකින් කවුරුත් මට මම ආස දෙයක් ගෙනත් දුන්නේ නෑ…”
මාමන්ඩිගේ හිනාවුණා. එයා මගේ ඔළුව අතගෑවා. “දුක් වෙන්න එපා දුවේ… මම ඉන්නවනේ… මම උඹට පුළුවන් හැමදාම රඹුටන් ගෙනත් දෙන්නම්කො කන්න… උඹ ආස දේවලුයි, උඹට ඕන දේවලුයි මගෙන් ඉල්ලපන්… උඹේ ඇස්වල ආසාව දකිනකොටයි මගේ හිතටත් පණක් එන්නේ…”
ඒ වචන ටික මගේ හිතට ලොකු හයියක් වුණා. පිරිමියෙක් ගෙදර නැති අඩුව එයා පුළුවන් උපරිමයෙන් පුරවනවා කියලා මට තේරුණා.
රඹුටන් කාලා කෝපි එකත් බිව්වට පස්සේ මාමන්ඩි ආපහු සුසුමක් හෙළුවා.
“දුවේ… අද කුඹුරේ වැඩ කළා වැඩියි ද කොහෙද… මේ දණහිස් දෙක නිකන් ගල් වෙලා වගේ… නැගිටගන්නවත් පණ නෑ…” එයා කිව්වේ දණහිස මිරිකන ගමන්.
“කෝ ඉන්න… මම තෙල් ටිකක් ගාලා අතගාන්නම්…”
මම කාමරේට දුවලා ගිහින් බෙහෙත් තෙල් බෝතලේ අරන් ආවා. එතන තිබුණු පොඩි ලී පුටුව ඇදලා අරන් මාමන්ඩිගේ කකුල් දෙක ළඟින් වාඩි වුණා. මම තෙල් ටිකක් අතට අරන් රත් කරලා එයාගේ කකුලේ ගාන්න පටන් ගත්තා. මාමන්ඩිගේ කකුල් හයියයි. ඒත් අවුරුදු ගාණක මහන්සිය ඒ නහර වැල් අස්සේ හිරවෙලා තිබුණා.
මම කකුල අතගාන ගමන් මගේ හිතේ තිබුණු දේ එළියට දාන්න පටන් ගත්තා.
“මාමන්ඩි… මේ ගෙදර මොන තරම් ලොකුද… ඒත් පිරිමියෙක් නැති වුණාම ගෙදරකට දැනෙන පාළුව දන්නේ ගැහැණියක් විතරයි…” මගේ කටහඬ වෙවුලන්න ගත්තා. “රෑට ජනේලයක් හෙලවෙන සද්දෙටත් මම ගැස්සිලා ඇහැරෙනවා. මට බයයි මාමන්ඩි… පිරිමි හුස්මක් නැතුව මේ බිත්ති හතර මැද්දේ තනිවෙන්න මට බයයි… මහත්තයා හිටියා නම් මට මෙහෙම බයක් දැනෙන්නේ නෑ…”
මාමන්ඩි ඇස් පියාගෙන අහගෙන හිටියා. එයාගේ අත හෙමීට ඇවිත් මගේ ඔළුව උඩින් නතර වුණා.
“මම දන්නවා දුවේ… පිරිමියෙක්ගේ හයිය, උනුහුම, රැකවරණය ගැහැණියකට ඕන… ඒ අඩුව උඹට ගොඩක් දැනෙනවා ඇති… පුතා නැති එකේ පාඩුව උඹට විතරක් නෙවෙයි මටත් දැනෙනවා…”
මම එයාගේ දණහිස උඩ මගේ මූණ තියාගත්තා. “මට සමහර වෙලාවට හිතෙනවා මම මේ ගෙදරට බරක්ද කියලා… මගේ තනිය මකන්න කවුරුත් නෑ මාමන්ඩි…”
“කට වහපන්…” මාමන්ඩි ටිකක් සැරෙන් වගේ, ඒත් ආදරෙන් කිව්වා. “උඹ කොහොමද බරක් වෙන්නේ? උඹ තමයි මේ ගෙදර එළිය… මම ඉන්නෙ. උබෙ තනිය මන් පුලුවන් විදියට මකන්නම් කෙල්ලෙ. උඹ නැත්නම් මේ මාමන්ඩිත් අද ජීවතුන් අතර නෑ… උඹට දැනෙන ඔය පිරිමි අඩුව, ඔය තනිකම මම මකන්නම් දුවේ… මට පුළුවන් විදියට, මගේ පණ තියෙනකම් මම උඹව සතුටෙන් තියන්නම් ඕනදේවල් දෙන්නම්…”
අපි දෙන්නා ඒ විදියට දුක බෙදාගන්නකොටම එකපාරටම එළියේ මහා හයියෙන් ගිගුරුම් හඬක් පැතිරුණා. මුළු ගේම හෙලවුණා වගේ වුණා. විදුලි කොටන එළිය ජනේලෙ අස්සෙන් ඇවිත් ගේම එළිය වුණා. මම ඇත්තටම බය වෙලා “අම්මේ” කියලා කෑගහගෙන පුටුවෙන් නැගිටලා මාමන්ඩිගේ අත තදින් අල්ලගත්තා.
“බය වෙන්න එපා දුවේ… බය වෙන්න එපා… මම ඉන්නවනේ…” සෝමෙ මාමන්ඩි වහාම ක්‍රියාත්මක වුණා. එයා මගේ අත තදින් අල්ලගෙන මාව සන්සුන් කළා.
එයාගේ ඒ ස්පර්ශයේ තිබුණේ අමුතුම හයියක්. නිකන් යකඩ තාප්පයක් වගේ ආරක්ෂාවක් මට දැනුණා. මගේ හිතේ තිබුණු “පිරිමියෙක් නෑ” කියන බය ඒ මොහොතේ නැති වෙලා ගියා.
“මේ වැස්ස විතරයි… කුණාටුව විතරයි… අපි දෙන්නා එකට ඉන්නකම් මේ ගෙදරටවත්, අපිටවත් මුකුත් වෙන්න මම ඉඩ තියන්නේ නෑ… උඹට ඕන පිරිමි හයිය මම දෙන්නම්… උඹ බය නැතුව හිටපන්…”
මම එයාගේ පුටුව ළඟ දණ ගහගෙන එයාගේ අතේ ඔළුව තියාගත්තා. “මාමන්ඩි ඉන්නකොට මට බය නෑ… දැන් මට තේරෙනවා මම තනි වෙලා නෑ කියලා…”
මාමන්ඩි මගේ ඔළුව අතගෑවා. “අන්න එහෙම හිතපන්… උඹ තනි නෑ… උඹ ආස දේවල් කාපන්, උඹට ඕන දේවල් ඉල්ලපන්… මම ඉන්නකම් උඹට අඩුවක් තනිකමක් දැනෙන්න මම ඉඩ තියන්නේ නෑ…”
ටික වෙලාවකින් වැස්ස ටිකක් පාව් වුණා. මාමන්ඩි මට නැගිටින්න උදව් කළා.
“දැන් බය නැති වෙයන්… යමු අපි කුස්සියට… මට බඩගිනි දුවේ… උඹ අද රෑට මොනවද ඉව්වේ?” මාමන්ඩි ඇහුවේ පරිසරය සාමාන්‍ය තත්වයට ගේන්න හිතාගෙන.
“මම ඉව්වා මාමන්ඩි… පරිප්පුයි, කරවලයි, බතුයි… යමු අපි දෙන්නා එකට කමු… තනියම කනකොට තමයි බඩගින්න දැනෙන්නේ නැත්තේ…”
මාමන්ඩි ලාම්පුවත් අරගෙන ඉස්සර වුණා. මම එයාගේ පස්සෙන් ගියා. ඒ යනකොට මම දැක්කා එයාගේ පිට. ඒ පිට කොච්චර පළල් ද… කොච්චර බරක් ඒ පිට උඩ දරාගෙන ඉන්නවද… මට හිතුණා මගේ ජීවිතේ වාසනාවට හරි මට මේ වගේ මාමන්ඩි කෙනෙක් ලැබුණු එක ගැන. මට අඩුවක් දැනෙන්න දෙන්නෙම නෑ මෙයා.
කුස්සියේ තිබුණු පොඩි මේසෙ වටේ අපි දෙන්නා වාඩි වුණා. ලාම්පු එළියෙන් අපි බත් කෑවා. එදා බත් පත හරිම රසයි. වෙනදාට දැනෙන පාළුව එදා මට දැනුණේ නෑ. මොකද මම දන්නවා මගේ ඉස්සරහා ඉන්නේ නිකම්ම මාමන්ඩි කෙනෙක් නෙවෙයි, මගේ ජීවිතේ රැකබලා ගන්න, මගේ ආසාවන් ඉෂ්ට කරන තාත්තා කෙනෙක් වගේ කෙනෙක් කියලා.
බත් කාලා ඉවර වෙලා මාමන්ඩි මගේ දිහා බලලා හිනා වුණා. “හෙට උදේම මම ආයේ ටවුමට යනවා… එනකොට උඹට තව රඹුටන් ගේන්නම්… උඹ හිනාවෙලා ඉන්නවා දකින එක තමයි මට තියෙන ලොකුම සතුට…”
“මාමන්ඩිත් පරිස්සමෙන්…”
අපි දෙන්නා කාමරවලට යන්න ලෑස්ති වුණා. මාමන්ඩි එයාගේ කාමරේ දොර ළඟ නතර වුණා.
“සුබ රාත්‍රියක් දුවේ… දොරවල් හොඳට වහගන්න…”
මම දුවල ගිහින් එයාව බදාගත්තා.
“සුබ රාත්‍රියක් මාමන්ඩි…”
මම මගේ කාමරේට ඇවිත් ඇඳට වැටුණා. එළියේ තාමත් වැහි පොද වැටෙනවා. ඒත් මගේ හිතේ තිබුණු බය, පාළුව, සැකය ඔක්කොම නැති වෙලා ගිහින්. සෝමෙ මාමන්ඩි… මගේ මාමන්ඩියා… එයා ඇත්තටම මගේ ආරක්ෂකයා. අපි අතර තියෙන්නේ බැඳීමක්. ඒ බැඳීම තමයි මේ වැහි අඳුරේ මට ජීවත් වෙන්න එළියක් දුන්නේ.
මම ඇස් පියාගත්තා. හෙට අලුත් දවසක්. මට කන්න ආස රඹුටන් හෙටත් ලැබෙයි. මගේ තනිය මකන්න කෙනෙක් ඉන්නවා. ඒක තමයි ජීවිතේට ඕන කරන ලොකුම සැනසීම.
