සමහර වෙලාවට ජීවිතේ කියන්නේ අපි බලාපොරොත්තු වෙන දේ සහ අපිට ලැබෙන දේ අතර තියෙන ලොකු අරගලයක්. මට හැමදේම තිබුණා. පිටින් බලන ඕනම කෙනෙක්ට මම හිටියේ රජ සැප විඳින රැජිනක් වගේ. ඒත් ඒ මාලිගාව ඇතුලේ මම විඳපු තනිකම දන්නේ මගේ කාමරේ බිත්ති හතර විතරයි.
මේ කතාව පටන් ගන්නේ මහා ධාරාණිපාත වැස්සක් එක්ක. හැබැයි ඊට කලින් මම ගැන කියන්නම්. මගේ මහත්තයා රට ගියාට පස්සෙ මේ ලොකු මන්දිරයේ මම තනි වුණා. මුල් දවස්වල නම් ඒ පාළුව මට දරාගන්න බැරි තරම් වුණා. උදේට ඉර පායනකොට දැනෙන සතුට හවසට ඉර බහිනකොට මහා බරක් වෙලා මගේ පපුව උඩ හිරවෙනවා. රෑ වෙද්දි ගේ වටේම තියෙන ආරක්ෂිත ලයිට් දාලා තිබ්බත්, හිත ඇතුලෙ තියෙන අඳුර මකන්න ඒ එළියට පුළුවන් වුණේ නෑ. දරුවොත් නැති නිසා මගේ තනිකම දෙගුණ තෙගුණ වෙලා දැනුණේ.
මහත්තයා හැම මාසෙම අන්තිමට සල්ලි එවනවා. “සුදූ… ඔයාට ඕන දෙයක් ගන්න, කාලා බීලා සතුටින් ඉන්න” කියලා එයා කෝල් එකක් දීලා කියනවා. ඒත් එයාට තේරුණේ නෑ ගෑනියෙක්ට සල්ලිවලට වඩා වටින්නේ තමන්ගේ මනුස්සයා ළඟ ඉන්න එක කියලා. පිරිමියෙක්ගේ හුස්ම වැටෙන සද්දේ, ආරක්ෂාව, ඒ ආදරේ ගෑනියෙක්ට කොච්චර වටිනවද කියලා එයාට තේරුණේ නෑ. ඉතින් මම මේ ලොකු ගෙදර බඩු මුට්ටුවක් ගානට වැටිලා හිටියේ.
ඉතින් ඔය අතරෙ තමයි දෛවය මට පුදුම විදියට හිනාවුණේ. වත්තෙ පිටියේ වැඩක් පලක් කරගන්න කසුන් මගේ උදව්වට ආවේ ඒ වෙලාවේ. කසුන් කියන්නේ ගමේ ඉන්න හරිම කඩිසර තරුණයෙක්. එයාට වයස විසි පහක් විතර ඇති. එයා අපේ ගෙදරට ආපු පලවෙනි දවසේ මම එයා දිහා බැලුවේ නිකන්ම වැඩ කරන කොල්ලෙක් දිහා බලනවා වගේ. ඒත් දවස් යද්දි මට තේරුණා එයාගේ මොකක්දෝ අමුතු ආකර්ෂණයක් තියෙනවා කියලා.
උස මහත දේහය, අව්වට පිච්චිලා පාට වැටුනු හම, දාඩිය දාගෙන බර වැඩ කරනකොට එයාගේ ඇඟේ මස්පිඩු ක්‍රියා කරන විදිය දිහා බලාගෙන ඉන්න මම හරි ආසයි. ඇත්තම කිව්වොත් මහත්තයා රට ගියාට පස්සෙ මගේ ඇස් දෙකට සතුටක් එකම රූපය කසුන් විතරයි. එයා මට කතා කළේ “මැඩම්” කියලා. ඒත් අපි අතර තිබුණේ ලොකු හිතවත්කමක්. මම එයාට සැලකුවේ ගෙදර කෙනෙක්ට වගේමයි. මගේ පාළුව, තනිකම මැකුවේ එයා. මම උදේට තේ එක හදන් එයා ළඟට ගිහින් කතා කර කර ඉන්න පුරුදු වුණා. එයාගේ හිනාව මගේ හිතේ මල් පිපෙව්වා වගේ දැනුණේ.
ඔන්න එක දවසක් හවස් වෙලා කසුන් ආවේ වත්තේ පොල් ටිකක් කඩලා දාන්න. එදා අහස හොඳටම කළු කරලා තිබුණේ. පරිසරයම අමුතු මූසල පාටක් අරගෙන තිබුණා. හුළඟ හරිම සැරයි.
“කසුන්, අද වැස්ස පාටයි, ඉක්මනට වැඩේ ඉවර කරමු නේද?” මම කිව්වා.
“හරි මැඩම්, මම ටක් ගාලා ඉවර කරන්නම්. තව ගස් දෙකයි තියෙන්නේ.” කියලා එයා ගහට බඩගෑවා.
එයා ගහේ ඉද්දිම මහ වැස්සක් කඩාගෙන වැටුණා. අකුණු ගහන සද්දෙට මම හොඳටම බය වුණා. මුළු පරිසරයම එකම සීතලක් වුණා. කසුන් ඉක්මනට ගහෙන් බැහැලා දුවගෙන ආවේ කුස්සියේ පැත්තට. එයා එද්දි හොඳටම තෙමිලා. එයා ඇඳගෙන හිටපු ඇඳුම් ඔක්කොම වතුරට තෙමිලා තිබුණා. ඒකෙන් එයාගේ පපුව ඉස්සිලා පෙනුණා. වතුර බිංදු එයාගේ කොණ්ඩේ දිගේ බේරිලා මූණ දිගේ ගලාගෙන යනවා. මම ජනේලෙන් ඒ දිහා බලාගෙන හිටියේ මන්ත්‍ර බලයකට අහු වුණා වගේ. මගේ හිතේ යටපත් වෙලා තිබුණ තරුණ සිතුවිලි ඇහැරෙන්න පටන් ගත්තා.
“අයියෝ කසුන්… හොඳටම තෙමිලානේ… එන්න ඇතුලට… එන්න…” මම ඉක්මනට කුස්සියේ දොර ඇරියා.
කසුන් ගැහි ගැහි ඇතුලට ආවා.
“ඉන්න මම ටවල් එකක් ගේන්නම්.” මම ඉක්මනට කාමරේට ගිහින් ටවල් එකක් අරගෙන ආවා.
එයා වෙව්ල වෙව්ල ඉන්නවා. මම ටවල් එක දුන්නම එයා ඔලුව පිහදාන ගමන් මගේ දිහා බැලුවේ හරිම අහිංසක විදියට.
“මැඩම්… මට යන්න විදියක් නෑ නේද මේ වැස්සෙ? පාර පේන්නෙත් නෑ.” එයා එළිය දිහා බලලා කිව්වා.
ඇත්තටම එළියේ අකුණු ගහනවා, ගස් කඩාගෙන වැටෙන සද්ද ඇහෙනවා. මහා ගංවතුරක් වගේ වහිනවා.
“පිස්සුද ළමයෝ… මේ වැස්සෙ යන්න ඕන නෑ. අද රෑ මෙහෙ ඉන්න. කොහොමත් මමත් තනියමනේ ඉන්නේ. ඔයා ඉන්න එක මටත් බයක් නෑ.” ඒ වෙලාවේ මට හිතුණේ මේක දෛවයේ තීරණයක් වෙන්න ඇති කියලා.
“ඒත් මැඩම්… ගමේ මිනිස්සු…”
“කවුරු දකින්නද කසුන් මේ රෑ මේ ගන කැලේ අස්සේ. අනික මම මගේ ආරක්ෂාවට කෙනෙක් තියාගත්තම කාටවත් ප්‍රශ්නයක් වෙන්න බෑනේ.”
මම එයාට මහත්තයාගේ අඳින්නේ නැති අලුත් සරමකුයි ෂර්ට් එකකුයි දුන්නා ඇඳගන්න කියලා. එයා වොෂ් රූම් එකට ගිහින් ඇඳගෙන ආවම එයා දිහා මම දැක්කා එයාව. එයා හරිම පිරිසිදු පාටයි. සබන් සුවඳයි.
එදා රෑ මම කසුන්ට රෑ කෑම ලෑස්ති කළා. මහත්තයා ගියාට පස්සෙ මම ආසාවෙන් උයපු පලවෙනි දවස එදා වෙන්න ඇති. එයා කුස්සියේ පුටුවක වාඩි වෙලා මම උයන දිහා බලාගෙන හිටියා.
“මැඩම්ට පාළු නැද්ද මහත්තයා නැතුව?” එයා එකපාරටම ඇහුවා.
ඒ ප්‍රශ්නෙ මගේ හිත පාරන ප්‍රශ්නයක් වුණත්, කසුන් අහපු විදියට මට දුකක් හිතුණේ නෑ.
“පාළුයි කසුන්… ගොඩක් පාළුයි. ගෑනියෙක් තනියම ඉන්නකොට දැනෙන බය, අසරණකම කාටවත් කියන්න බෑ. රෑට ඇඳට ගියාම නින්ද යන්නෙ නෑ. හිතට හරිම බරයි. මේ ලොකු ගෙදර මට දැනෙන්නේ සොහොනක් වගේ.” මම සුසුමක් හෙලලා කිව්වා.
“දුක් වෙන්න එපා මැඩම්. මම ඉන්නවනේ. මම මැඩම්ට ඕන උදව්වක් කරන්නම්. මම මැඩම්ව බලාගන්නම්.” එයා කිව්වේ හරිම බැරෑරුම් විදියට. ඒ වචන මගේ හිතට ලොකු සහනයක් ගෙනාවා.
අපි දෙන්නා කෑම කන ගමන් ගොඩක් දේවල් කතා කළා.
“කසුන්ට කෙල්ලෙක් එහෙම නැද්ද? ඔය තරම් ලස්සන කොල්ලෙක් තනියම ඉන්න බෑනේ.” මම හිනාවෙලා ඇහුවා. මට ඕන වුණා එයාගේ හිතේ කවුරු හරි ඉන්නවද කියලා දැනගන්න.
එයා ලජ්ජාවෙන් වගේ බිම බලාගත්තා. “අපෝ නෑ මැඩම්. කෙල්ලො ඕන නෑ. මට තාම හිතට හරියන කෙනෙක් හම්බුනේ නෑ. මම හොයන්නේ මාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක්.”
“ඇයි මේ ගමේ කෙල්ලො නැද්ද? නැත්නම් කසුන් හොයන්නේ නාගරික පෙනුම තියෙන කෙනෙක්ද?” මම ඇස් කොනින් එයා දිහා බලලා ඇහුවා.
“නෑ මැඩම්… මම කැමති තැන්පත්, ලස්සන, පිරිසිදු කෙනෙක්ට. හිත හොඳ කෙනෙක්ට. හරියට මැඩම් වගේ.”
එයා ඒක කිව්වේ විහිළුවටද ඇත්තටද කියලා මට හිතාගන්න බැරි වුණා. ඒත් ඒ වචන ටික මගේ හිතේ ලොකු ගැස්මක් ඇති කළා. “මැඩම් වගේ” කියන වචන ටික මගේ කන ඇතුලේ දෝංකාර දුන්නා.
“විහිළු කරන්න එපා කොල්ලෝ… මම වගේ නාකි ගෑනියෙක් දිහා කවුද බලන්නේ?” මම බොරුවට තරහක් මවාගෙන කිව්වා.
“කවුද මැඩම් නාකි කියන්නේ? මැඩම් තාම කෙල්ල වගේ. මම දැකලා තියෙන ලස්සනම ගෑනු කෙනා මැඩම්. මැඩම්ගේ මහත්තයා හරි වාසනාවන්තයි. ඒත් එයාට මැඩම්ගේ වටිනාකම තේරෙන්නේ නෑ.” එයා මගේ ඇස් දිහා කෙලින්ම බලාගෙන කිව්වා.
ඒ වෙලාවේ එයාගේ ඇස්වල තිබුණේ ගෞරවයක් විතරක්ම නෙවෙයි කියලා මට හිතුණා. මගේ ඇඟම සීතල වෙලා ගියා. අවුරුදු ගානකට පස්සේ පිරිමියෙක්ගේ ආදරණීය බැල්මක් මගේ ඇඟේ හැප්පුනා.
කාලා ඉවර වෙලා අපි සාලෙට ආවා. වැස්ස තාම ධාරාණිපාතව වහිනවා. ලයිට් එළියත් වෙලාවකට ඩිම් වෙනවා.
“කසුන් අද සාලේ නිදාගන්න. මම කාමරේට යන්නම්.” මම කිව්වා.
“හරි මැඩම්. ගුඩ් නයිට්. බය නැතුව නිදාගන්න. මම ඉන්නවනේ.” එයා සෝෆා එකේ හාන්සි වුණා.
මම කාමරේට ඇවිත් දොර වහගෙන ඇඳට වැටුණත් මට නින්ද ගියේ නෑ. මගේ හිත පුරාම හිටියේ කසුන්. එයාගේ අර කතාව… “මම දැකලා තියෙන ලස්සනම ගෑනු කෙනා මැඩම්” කියන එක මට ආයේ ආයේ ඇහුණා. මට හිතුණා මම ඇත්තටම ලස්සනද කියලා බලන්න. මම නැගිටලා කණ්නාඩිය ඉස්සරහට ගියා. රෑට අඳින සිනිඳු ඇඳුමත් එක්ක මගේ ඇඟේ හැඩේ හොඳට පේනවා. මහත්තයා නැති වුණාට මම මගේ ශරීරය ලස්සනට තියාගෙන හිටියා. මට හිතුණා කසුන් මගේ මේ රූපෙට ඇත්තටම කැමති ඇති කියලා. ඒ සිතුවිල්ලම මගේ ඇඟේ ලේ රත් කරන්න සමත් වුණා. මට හිතුණා දොර ඇරලා එයා ළඟට යන්න. ඒත් මගේ හිතේ තිබුණ බය මාව නැවැත්තුවා.
පහුවදා උදේ මම නැගිට්ටේ ටිකක් පරක්කු වෙලා. එළියේ තාම පොඩි හීන් පොදක් යනවා. පරිසරයම සීතල වෙලා. මම ඇඳෙන් බැස්සේ තේ එකක් හදන්න හිතාගෙන. ඊට කලින් මූණ හෝදගන්න මම බාත්රූම් එකට ගියා. බාත්රූම් එකේ ටයිල් වල වතුර පිරිලා තිබුණේ රෑ වැස්සට වහලෙන් වතුර බේරිලාද කොහෙද. මම ඒක දැක්කේ නෑ. නොහිතපු වෙලාවක මගේ කකුල ලිස්සුවා.
“ආයි…. අම්මේ…” මට කෑගැහුණා.
මම වැටුණ පාරට මගේ කොන්දෙ පැත්තක් හිර වුණා වගේ දැනුණා. මට නැගිටගන්න වාරුවක් නෑ. දරාගන්න බැරි වේදනාවක් කොන්ද දිගේ විහිදිලා ගියා. මම බිම වැටිලා කෙඳිරි ගෑවා.
“අනේ… කවුරුත් නැද්ද…”
“මැඩම්… මොකද වුණේ?” කසුන් දොරට ගහන සද්දේ ඇහුණා. එයා මගේ කෑගැහිල්ලට දුවගෙන ඇවිත්. එයා හොඳටම බය වෙලා.
“කසුන්… මම ලිස්සලා වැටුණා… අනේ මට නැගිටගන්න බෑ…” මම අමාරුවෙන් කෑගැහුවා.
“දොර ලොක්ද මැඩම්?”
“නෑ… නෑ… ඇරගෙන එන්න.”
කසුන් දොර ඇරගෙන ඇතුලට ආවා. මම බාත්රූම් එකේ බිම වැටිලා වේදනාවෙන් ඉන්නවා දැකලා එයා කලබල වුණා. මම ඇඳගෙන හිටපු ඇඳුම වතුරට තෙමිලා තිබුණේ. ඒත් ඒ වෙලාවේ ලැජ්ජාවට වඩා මට තිබුණේ වේදනාව.
“අයියෝ මැඩම්… මොකද මේ කරගත්තේ? කෝ අල්ලන්න මගේ අතින්.” එයා මගේ ළඟටම ඇවිත් පහත් වුණා.
“බෑ කසුන්… කොන්ද රිදෙනවා… මට තනියම නැගිටින්න බෑ.” මගේ ඇස්වලට කඳුළු ආවා.
කසුන් දෙපාරක් හිතුවේ නෑ. “බය වෙන්න එපා මැඩම්.” කියලා එයා මාව හරහට වඩා ගත්තා. එයාගේ අත්වල තිබුණ හයිය මට හොඳටම දැනුණා. මගේ ඔලුව එයාගේ පපුවට හේත්තු වුණා. එයාගේ හුස්ම වැටෙන සද්දේ, එයාගේ ඇඟේ උණුසුම ඒ සීතල උදේ මට දැනුණේ දිව්‍ය ඖෂධයක් වගේ. ඒ මොහොතේ මගේ වේදනාව අස්සෙන් අමුතුම සැනසීමක් මගේ හිතට දැනුණා. අවුරුදු ගානකට පස්සෙ පිරිමියෙක්ගේ ස්පර්ශය, රැකවරණය මට ලැබුණේ. මට හිතුණේ මාව කවදාවත් බිම තියන්න එපා කියලා.
එයා මාව පරිස්සමට ගෙනැත් කාමරේ ඇඳෙන් තිබ්බා. මාව තියද්දි එයාගේ මූණ මගේ මූණට ගොඩක් ළං වුණා.
“කොතනද මැඩම් රිදෙන්නේ?” එයා හරිම ආදරෙන් ඇහුවා.
“කොන්දෙ පහල… ඉණ ළඟ…” මම පෙන්නුවා.
“උලුක්කු වෙලාද දන්නෑ. මම තෙල් ටිකක් ගාන්නද? තෙල් ටිකක් ගාලා ඇතිල්ලුවොත් අඩුවෙයි.” එයා යෝජනා කළා.
“හා… කබඩ් එකේ තියෙනවා තෙල් බෝතලේ… ගන්න.”
කසුන් තෙල් බෝතලේ අරගෙන ඇවිත් ඇඳේ පැත්තකින් වාඩි වුණා.
“මැඩම් අනිත් පැත්ත හැරෙන්න.”
මම හෙමින් අනිත් පැත්ත හැරුණා. එයා අතට තෙල් ටිකක් අරගෙන අත් දෙක එකට අතුල්ලලා රත් කරගත්තා. ඊට පස්සේ එයා ඒ රස්නෙ අත් මගේ කොන්ද උඩින් තිබ්බා.
දෙවියනේ… ඒ ස්පර්ශය… එයාගේ අත්වල රස්නෙ මගේ හම ඇතුලටම කාන්දු වුණා. එයා හරිම සියුම් විදියට, ඒත් පිරිමි හයියෙන් මගේ කොන්ද පිරිමදින්න පටන් ගත්තා. එයාගේ ඇඟිලි මගේ කොඳු ඇට පෙළ දිගේ එහාට මෙහාට යද්දි මගේ මුළු වේදනාවම ගියා. ඒක නිකන්ම මසාජ් එකක් නෙවෙයි. ඒ ස්පර්ශයේ තිබුණා ආදරයක්, රිද්මයක් සහ මම කාලයක් තිස්සේ හොයපු සෙනෙහසක්.
“රිදෙනවද මැඩම්?” එයා මගේ කනට කරලා ඇහුවා.
“නෑ… ෂෝක්…ඔයාගෙ බෙහෙත් කෙරිල්ල… මට දැනෙන සනීපෙ කියල වැඩක් නෑ.” මම ඒ හැඟීම වින්දා.
කාමරේ හරිම නිශ්ශබ්දයි. එළියේ වැස්ස පොද වැටෙන සද්දේ විතරයි ඇහුණේ. කසුන් තෙල් ගාන ගමන් මට දැනුණා එයා මගේ දිහා බලාගෙන ඉන්නවා කියලා. මම දන්නවා මගේ මේ තත්ත්වය එයාට තේරිලා කියලා.
“මැඩම්ගේ හම හරිම සිනිඳුයි… හරියට පුළුන් වගේ.” එයා හෙමින් මිමිණුවා. එයාගේ කටහඬේ වෙව්ලීමක් තිබුණා.
“ඇත්තටමද කසුන්?” මම ඇහුවා.
“ඔව් මැඩම්… මැඩම් ලස්සනයි. මට මැඩම් ගැන හිතෙන දේවල් මම කොහොමද කියන්නේ… මම දුප්පත් කොල්ලෙක්. ඒත් මගේ හිතේ මැඩම් ගැන ලොකු ගෞරවයක් වගේම ලොකු ආදරයක් තියෙනවා.”
මම හිස හරවලා එයා දිහා බැලුවා. එයාගේ මූණේ තිබුණේ මම කවදාවත් දැකපු නැති බැල්මක්. ඒකේ තිබුණේ ලෙන්ගතුකමක්.
“ඔයාට මොනවද හිතෙන්නේ කසුන්? බය නැතුව කියන්න.” මම ඇහුවා.
“මට හිතෙනවා මැඩම්ගේ තනියට මෙහෙම ඉන්න… මැඩම්ව සතුටින් තියන්න… මට මැඩම් ළඟට වෙලා ඉන්න වැඩක් පොලක් කරන් ඉන්න ආසයි. මැඩම්ව දකිද්දි මට හිතෙන්නේ මැඩම්ව ආරක්ෂා කරන්න ඕන කියලා.” එයා මගේ මූණට වැටිලා තිබුණු කොණ්ඩ කැරැල්ලක් අතින් හදන ගමන් කිව්වා.
මගේ හිතට සතුටක් දැනුනා. මේ ඉන්නේ මගේ ගෙදර වැඩට එන කොල්ලා. ඒත් දැන් එයා මගේ හිතේ රජ වෙලා. මගේ හිතේ ඇතිවුණ මේ බැදීමට මම මොකද කරන්නේ? සමාජය මොනවා කිව්වත් මට මේ මොහොතේ ඕන වුණේ කසුන්ගේ ආදරය.
“ඔයා මාව පිස්සු වට්ටනවා කොල්ලෝ…” මම අනිත් පැත්ත හැරිලා එයාගේ අතක් අල්ලගත්තා. “ඔයා මගේ ළඟ ඉන්නකොට මට දැනෙන්නේ මම ආයේ තරුණ වෙලා වගේ. මට මගේ මහත්තයාවත් මේ වගේ ළඟින් දැනිලා නෑ.”
කසුන් මගේ අත තදින් අල්ලගත්තා. එයාගේ ඇස් දිලිසුණා.
“මැඩම් කැමති නම් මම ඕන දෙයක් ඕන වැඩක් කරන්නම්. මම දන්නවා මැඩම්ට මහත්තයා නැතුව පාළුයි කියලා. මට ඒ පාළුව මකන්න පුලුවන් වෙයි. මම කවදාවත් මැඩම්ට කරදරයක් වෙන්න දෙන්නේ නෑ.”
එයාගේ මූණ මගේ මූණට ලං වුණා. අපේ හුස්ම එකට මුසු වුණා. මට එයාගේ සුවඳ දැනුණා. මගේ හදවත වේගයෙන් ගැහෙන්න ගත්තා. මම අවුරුදු ගානක් තිස්සේ හිර කරගෙන හිටපු තනිකම, සිතුවිලි ගංගාවක් වගේ ගලාගෙන යන්න ලෑස්ති වුණා.
“කසුන්…” මම හීන් හඬින් කිව්වා.
“ශ්… මුකුත් කියන්න එපා මැඩම්. අපි දෙන්නාගෙ ලෝකෙ අපි විතරයි. මේ ලෝකේ වෙන කවුරුත් නෑ.”
එයා එහෙම කියලා මගේ නළලට හාදුවක් දුන්නා. ඒ හාදුව මගේ මුළු ආත්මයම සනසවනවා වගේ දැනුණා. ඊට පස්සේ එයා මගේ දෙතොල් සිප ගත්තා. ඒක මහා වේගවත් සිපගැනීමක් නෙවෙයි. ඒක හරිම මෘදු, ආදරණීය, හැඟීම්බර සිපගැනීමක්. මගේ කොන්දේ වේදනාව කොහෙන් ගියාද කියලා හොයාගන්න බැරි වුණා. දැන් මට දැනෙන්නේ එකම එක දෙයි. ඒ කසුන්ගේ ඒ උණුසුම් ආදරය සහ රැකවරණය විතරයි.
වැස්ස වේගවත් වුණා. වැස්ස අය කීයට පායයිද දන්නෑ. ඒත් මගේ හිතේ වැස්ස පායලා තිබුණා. වයස, තරාතිරම, සමාජය මේ හැමදේම ඒ මොහොතේ බොඳ වෙලා ගියා. ඉතිරි වුණේ ගැහැනියක් සහ පිරිමියෙක් අතර ඇතිවුණ පිවිතුරු, ඒ වගේම ප්‍රබල හැඟීම් සමුදායක් විතරයි. ඒ රැකවරණය තනි වෙලා හිටපු මට ලොකු මානසික සහනයක් ගෙනාවා.
ටික වෙලාවකින් කසුන් මාව ඇඳේ හාන්සි කරවලා මගේ ළඟින් වාඩි වුණා.
“මැඩම් දැන් නිදාගන්න. මම තව ටිකකින් තේ එකක් හදන් එන්නම්.” එයා කිව්වා.
මම එයාගේ අත අතෑරියේ නෑ.
“යන්න එපා කසුන්. තව ටිකක් මගේ ළඟින් ඉන්න.”
කසුන් හිනාවෙලා මගේ ඔලුව අතගෑවා. “මම කොහෙවත් යන්නේ නෑ මැඩම්. මම හැමදාම මෙතන ඉන්නවා.”
එදා දවස මගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලුවා වගේ. මාලිගාවේ තනි වුණ රැජිනට දැන් තනිකමක් නෑ. මගේ හිතේ තිබුණ ලොකු හිස්තැන කසුන්ගේ ආදරයෙන් පිරිලා ගියා. මහත්තයා රට ඉඳන් සල්ලි එවනවා ඇති. ඒත් එයාට කවදාවත් බැරි වුණා මගේ හිතේ තිබුණ මේ හිස්තැන පුරවන්න. දැන් මම දන්නවා මගේ සතුට තියෙන්නේ කොතනද කියලා. වැස්ස දවසක පටන් ගත්ත මේ කතාව මගේ ජීවිතේ වසන්ත කාලය අරගෙන ආවා.
