මම බස් එකෙන් බැස්සේ උදේ දහයට විතර. මගේ ලොකු බෑග් එක අතේ තිබුණේ සති දෙකක නිවාඩුවකට ඕනේ හැම දෙයක්ම දාගෙන. ප්රියංකා – මගේ හොඳම යාළුවා – මාස ගණනක් තිස්සේ මාව එයාලගේ ගෙදර එන්න කියලා බල කරමින් හිටියා. අන්තිමට මට ඔෆිස් එකෙන් නිවාඩු ටිකක් ගන්න පුළුවන් වුණා.
“නිලූ!” ප්රියංකාගේ හඬ ඇහුණේ ගේට්ටුව ළඟින්. එයා දුවගෙන ඇවිත් මාව තදින්ම බදාගත්තා.
“ආව අනේ! කොච්චර කාලයක්ද මං බලාගෙන හිටියේ.”
මම හිනා වුණා. එයා තාම ඒ පොඩි කාලේ වගේම උද්යෝගිමත්. ගෙදර යන ගමන් ප්රියංකා නොනවත්වා කතා කළා – එයාගේ අලුත් ජොබ් එක ගැන, බොයිෆ්රෙන්ඩ් ගැන, සති දෙකේ ප්ලෑන් ගැන.
ගෙදරට ඇතුළු වෙනකොට මැද වයසේ කාන්තාවක් කුස්සියෙන් එළියට ආවා. මගේ හදවත ටිකක් ගැහුවා. මේද ප්රියංකාගේ අම්මා?
“අම්මේ, මේ මගේ යාළුවා නිලූෂා. මං කිව්වනේ එයා එනවා කියලා.”
“ආ දුවේ, එන්න එන්න. මං තමයි කමලා ආන්ටි. ප්රියංකා නිතරම ඔයා ගැන කතා කරනවා.”
කමලා ආන්ටිගේ හිනාව මට හදවතට දැනුණා. එයා උස, සිහින් ශරීරයක් තියෙන කෙනෙක්. දිග කළු කොණ්ඩය පිටිපස්සට ගොතලා තිබුණා. මුහුණ හරිම මෘදුයි. මට එයා දිහා බලාගෙන ඉන්න හිතුණා.
රෑ කෑම කාලා ඉවර වෙනකොට ප්රියංකාගේ ෆෝන් එක රිං වුණා. එයා මූණ රවුම් කරගෙන කතා කළා.
“නිලූ, මට සමාවෙන්න. හෙට මට වැඩට යන්න වෙනවා. හදිස්සියේ මීටින් එකක් දාලා.”
“අනේ ප්රියංකා, ඔයා නිවාඩු ගත්තේ නැද්ද?”
“ගත්තා, ඒත් මේක ලොකු ප්රොජෙක්ට් එකක්. මට යන්නම වෙනවා. ඒත් අම්මා ඉන්නවා ඔයාව බලාගන්න.”
පහුවදා උදේ ප්රියංකා ගියාට පස්සේ මට පුදුම තනිකමක් දැනුණා. මම ලිවින් රූම් එකේ ඉඳගෙන හිටියා.
“දුවේ, තේ එකක් බොන්නද?” කමලා ආන්ටි ඇහුවා.
“ඔව් ආන්ටි, ස්තූතියි.”
කමලා ආන්ටි තේ දෙකක් අරගෙන ආවා. මගේ ළඟම වාඩි වුණා. එයා මගේ ළඟ ඉන්නකොට මට අමුතු සතුටක් දැනුණා.
“ප්රියංකා කිව්වා ඔයා ගැන ගොඩක් දේවල්. ඔයාලා පොඩි කාලේ ඉඳන් යාළුවෝ නේද?”
“ඔව් ආන්ටි. අපි එකම ඉස්කෝලේ.”
අපි කතා කරන්න පටන් ගත්තා. කමලා ආන්ටි මගෙන් මගේ ජොබ් එක ගැන, පවුල ගැන ඇහුවා. මම දන්නේ නැතුවම මගේ ජීවිතේ ගොඩක් දේවල් එයාට කියන්න පටන් ගත්තා. එයා එක එක දේ අහනකොට මට හිතුණා මගේ අම්මා කවදාවත් මෙහෙම අහලා නෑ කියලා.
දවල් කෑමෙන් පස්සේ කමලා ආන්ටි කිව්වා, “අපි ටිකක් එළියට යමුද? ළඟම පාර්ක් එකක් තියෙනවා.”
පාර්ක් එකේ ඇවිදිනකොට මට දැනුණේ අපූරු සැහැල්ලුවක්. කමලා ආන්ටි එක්ක කතා කරන්න හරිම ලේසියි. එයා හොඳට අහගෙන ඉන්නවා. මගේ යාළුවෝ කවුරුත් මෙච්චර හොඳට මගේ කතා අහන්නේ නෑ.
“දුවේ, ඔයාට පෙම්වතෙක් නැද්ද?” කමලා ආන්ටි හදිසියේ ඇහුවා.
මම ටිකක් රතු වුණා. “නෑ ආන්ටි. තාම හරි කෙනෙක් හම්බ වෙලා නෑ.”
“හරි කෙනා හම්බ වෙයි දුවේ. ඔයා හරිම හොඳ කෙල්ලෙක්.”
රෑට ප්රියංකා ආවේ අටට පස්සේ. එයා හරිම මහන්සි වෙලා.
“සොරි නිලූ. හෙටත් මට යන්න වෙනවා.”
“කමක් නෑ මචං. ආන්ටි ඉන්නවා නේ.”
ඇත්තටම මට කමක් නෑ කියලා හිතුණා. කමලා ආන්ටි එක්ක ඉන්න එක මට හරිම සතුටක්.
රෑ කෑමෙන් පස්සේ ප්රියංකා ඉක්මනට නිදාගන්න ගියා. මම තව ටිකක් ටීවී බලන්න හිටියා. කමලා ආන්ටි මගේ ළඟ වාඩි වුණා.
“දුවේ, ඔයාට නිදිමත නැද්ද?”
“නෑ ආන්ටි. මට රෑට නිදිමත එන්නේ ටිකක් පරක්කුවට.”
“එහෙනම් අපි ටිකක් කතා කරමු.”
අපි විවිධ දේවල් ගැන කතා කළා. කමලා ආන්ටි එයාගේ තරුණ කාලය ගැන, විවාහ ජීවිතය ගැන කතා කළා. මම මගේ සිහින ගැන, බලාපොරොත්තු ගැන කිව්වා. එයා මගෙ අතින් සිනුදුව අල්ලගත්තා.
“ආන්ටි, ඔයා හරිම කරුණාවන්තයි. මගේ අම්මා මට මෙච්චර ලස්සනට අහගෙන ඉන්නේ නෑ.”
කමලා ආන්ටි මෘදුව හිනා වුණා. “සමහර වෙලාවට අපිට ඕනේ කෙනෙක් අපේ කතා අහගෙන ඉන්න.”
දවස් කිහිපයක් යනකොට මට කමලා ආන්ටි එක්ක ගත කරන වෙලාව හරිම විශේෂ වුණා. උදේ ප්රියංකා යන්න කලින් අපි තුන්දෙනා එකට උදේ කෑම කෑවා. ඊට පස්සේ දවස පුරාම මම කමලා ආන්ටි එක්ක.
අපි එකට කෑම හැදුවා, ගෙවත්තේ වැඩ කළා, පොත් කියෙව්වා. කමලා ආන්ටි මට පරණ ෆොටෝ පෙන්නුවා, පවුලේ කතා කිව්වා. මට දැනුණා එයා මගේ හොඳම යාළුවා වගේ.
එක දවසක් අපි එකට කේක් එකක් හැදුවා. කමලා ආන්ටි මට උයන්න උගන්වනකොට එයාගේ අත් මගේ අත් වටේ තිබුණා. මට ඒ ස්පර්ශය හරිම උණුසුම්ව දැනුණා. යාලුව වගේමයි එයත් මට දැන් හොද යාලුවෙක් උනා.
“දුවේ, ඔයා හරිම ඉක්මනට ඉගෙන ගන්නවා,” එයා මගේ කනට ළඟින් කිව්වා.
මගේ ඇඟ පුරාම කිලිටි ගියා. මම එයා දිහා හැරිලා බැලුවා. අපේ මුහුණු හරිම ළඟයි. මට එයාගේ හුස්ම දැනුණා. ඒ සෙනෙහස දැනුනා.
“ආන්ටි…” මම කුසුකුසාලා කිව්වා.
“ම්ම්?” එයාත් හෙමින් කිව්වා.
මම මොනවා කියන්නද දන්නේ නෑ. මගේ හදවත හරිම වේගයෙන් ගහනවා. කමලා ආන්ටි මගේ මුහුණ දිහා බලාගෙන හිනා වුණා. එයාගේ අත මගේ කම්මුලට තිබ්බා.
“ඔයා හරිම ලස්සනයි දුවේ.”
මට ලැජ්ජාවක් දැනුණා. ඒත් සතුටකුත් දැනුණා. කවුරුත් මට එහෙම කියලා නෑ.
එක රෑක ප්රියංකා හරිම පරක්කුවට ආවා. මම ඒ වෙලාවට නිදාගන්න සූදානම් වෙමින් හිටියා.
“නිලූ, ඔයා මගේ කාමරේ නිදාගන්නකෝ. මට අද රෑ වැඩ ටිකක් කරන්න තියෙනවා,” ප්රියංකා කිව්වා.
“ඒත්…”
“අම්මගේ කාමරේ ඉඩ තියෙනවා. අම්මේ, නිලූට ඔයාගේ කාමරේ නිදාගන්න පුළුවන්ද?”
“ඔව් ඔව්, කමක් නෑ. එන්න දුවේ,” කමලා ආන්ටි කිව්වා.
මට ටිකක් ලැජ්ජාවක් දැනුණත්, ඇත්තටම මගේ හිතේ සතුටක් තිබුණා. කමලා ආන්ටිගේ කාමරය විශාලයි. ලොකු ඇඳක් තිබුණා.
“ඔයාට අපහසු නම්…”
“නෑ ආන්ටි, කමක් නෑ.
මම ඇඳේ එක පැත්තක නිදාගන්න වැතිරුණා. කමලා ආන්ටි ලයිට් එක ඕෆ් කළා. අඳුරේ මගේ හදවත ගැහෙන හඬ ඇහුණා. තනිකම දැනුනා පුරුදු නැති නිසා.
“දුවේ, ඔයාට නිදිමත නැද්ද?”
“ටිකක් අමුතුයි ආන්ටි. වෙන තැනක නිදාගන්න.”
එතකොට කමලා ආන්ටි එයාගේ අත මගේ ඔලුව උඩ තිබ්බා. හෙමින් මගේ කොණ්ඩය අතගාන්න පටන් ගත්තා.
” නිදිමත නැති වෙලාවට මෙහෙම කරාම නින්ද යනවා බලන්නකො.”
ඒ ස්පර්ශය මට අමුතු හැඟීමක් ඇති කළා. මගේ ජීවිතේ කවුරුත් මට මෙච්චර මෘදුව, ආදරයෙන් අත ගාලා නෑ. මගේ ඇස් වහගෙන ආවා. මට දැනුණා මගේ ඇඟ පුරාම උණුසුම් රැල්ලක් යනවා වගේ.
“ආන්ටි…”
“ම්ම්?”
“ඔයා හරිම හොඳයි. මට… මම හරිම ආදරෙයි. යාලුවා නැති උනාට ඔයා ඒක මට දැනෙන්න දෙන්නෑ.”
කමලා ආන්ටි තව මෘදුව මගේ කොණ්ඩය අතගාමින් කිව්වා, “මමත් ඔයාට ගොඩක් ආදරෙයි දුවේ.”
උදේ මම ඇහැරුණේ කමලා ආන්ටිගේ අත තාම මගේ ඔලුව උඩ තියෙන බව දැනීමෙන්. මම හෙමින් ඇස් ඇරියා. එයා මගේ දිහා බලාගෙන හිනාවෙමින් හිටියා.
“සුබ උදෑසනක් දුවේ.”
“සුබ උදෑසනක් ආන්ටි.”
ඒ දවසේ සිට හැම රෑම මම කමලා ආන්ටිගේ කාමරේ නිදාගත්තා. ප්රියංකා වැඩ නිසා හැම දාම පරක්කු වෙලා එනවා. සමහර දවස්වල එයා එන්නේම නෑ.
“නිලූ, මට සමාවෙන්න. මේ ප්රොජෙක්ට් එක ඉවර වෙනකම් මට මෙහෙමයි,” ප්රියංකා එක දවසක් කිව්වා.
“කමක් නෑ මචං. මම ආන්ටි එක්ක ඉන්නවා.”
ඇත්තටම මට ප්රියංකා නැතුව කමක් නෑ කියලා හිතුණා. කමලා ආන්ටි එක්ක ගත කරන හැම මොහොතක්ම මට වටිනවා.
දවස් යනකොට අපේ යාලුකම තව ගැඹුරු වුණා. කමලා ආන්ටි මට කෑම හදන්න, මල් වගා කරන්න, පරණ සිංදු කියන්න උගන්වනවා. අපි එකට ෆිල්ම් බලනවා, පොත් කියවනවා.
එක හවසක අපි වෙරළට ගියා. හිරු බසින කොට අපි වැලි මත වාඩි වෙලා හිටියා.
“දුවේ, ඔයා මේ දවස් ටිකේ මගේ ජීවිතට ලොකු සතුටක් ගෙනාවා,” කමලා ආන්ටි කිව්වා.
“මටත් ආන්ටි. මම කවදාවත් මෙච්චර සතුටින් හිටලා නෑ.”
කමලා ආන්ටි මගේ අත අල්ලාගත්තා. “ප්රියංකා ගැන හිතෙනවද?”
මම ඇත්ත කිව්වා. “ගානක් නෑ ආන්ටි. මට දැන් තවත් යාලුවෙක් හම්බුනානෙ.
එයා මගේ දිහා බැලුවා. එයාගේ ඇස්වල කඳුළු තිබුණා. “මටත් ඔයා හරිම වැදගත් දුවේ.”
රෑට අපි නිදාගන්න යනකොට, කමලා ආන්ටි මාව තදින් බදාගත්තා. මම එයාගේ උණුහුම දැනුනා. එයාගේ සුවඳ මට හුරුයි දැන්.
“ආන්ටි, මට ඔයාලා එක්ක හැමදාම ඉන්න පුළුවන් නම්…” මම කිව්වා.
“මටත් එහෙමයි හිතෙන්නේ දුවේ.”
අපි එකිනෙකා දිහා බලාගෙන හිටියා. මට දැනුණා මේක විශේෂ මොහොතක් කියලා. කමලා ආන්ටි මගේ නළල සිප ගත්තා. ආදරෙයි දුවේ. ඔයත් මගෙ දුව වගේ මට.
“හොඳ රෑක් දුවේ.”
“හොඳ රෑක් ආන්ටි.”
ඒ රෑ මම නිදාගත්තේ කමලා ආන්ටිගේ අත් දෙක මගේ වටේ තියාගෙන. මට දැනුණා මම ආරක්ෂිතයි, ආදරේ ලබනවා කියලා.
සති දෙක ඉවර වෙන්න ළඟ වෙනකොට මම ගියානම් හොදයි කියලා හිතුනා.ප්රියංකා තාම වැඩ නිසා කාර්යබහුලයි.
“නිලූ, ඔයාට තව ටිකක් ඉන්න බැරිද? මගේ ප්රොජෙක්ට් එක තව සතියකින් ඉවරයි,” ප්රියංකා ඇහුවා.
මම කමලා ආන්ටි දිහා බැලුවා. එයාගේ ඇස්වල බලාපොරොත්තුවක් තිබුණා.
“මම ඉන්නම්,” ටික දවසක් මම කිව්වා.
කමලා ආන්ටිගේ මුහුණ ආලෝකමත් වුණා. එයා මගේ අත මුදුවට අල්ලාගත්තා.
ඒ රෑ කමලා ආන්ටි මට කිව්වා, “දුවේ, ඔයා මගේ ජීවිතේ හම්බ වුණු හොඳම දෙයක්. ප්රියංකා වැඩ නිසා කාර්යබහුල වෙලා ඉන්නකොට මම තනිකමට පුරුදු වෙලා හිටියා. ඒත් ඔයා ආවට පස්සේ…”
“මටත් එහෙමයි ආන්ටි. ඔයා මගේ ජීවිතේ නැති වුණු කෙනෙක් හම්බ වුණා වගේ.”
අපි එකිනෙකාව බදාගත්තා. මට දැනුණා මේක අම්මා කෙනෙක්ගේ ආදරය විතරක් නෙවෙයි කියලා. මේක ඊට වඩා ගැඹුරු, විශේෂ යලුකමක්.
තව සතියක් ගත වෙනකොට මම තීරණයක් ගත්තා. මම දැන්නම් යන්න ඕනෙ කියලා.
මම ආන්ටිට කිව්වා මම යන්නම් ආන්ටි කවදාවත් මට ඔයාව අමතක වෙන්නැතිවෙයි, මට දැන් යාලුවො දෙන්නෙක් ඉන්නවනෙ.
හොදයි දුවේ හැමදාම ඉන්නත් බෑනෙ ගිහින් අයේ දවසක එන්න කියලා ඇන්ටි කිව්වා.
කමලා ආන්ටිගේ ඇස්වලින් කඳුළු වැටුණා. එයා මාව තදින් බදාගත්තා.
ප්රියංකා හිනා වුණා. “මම දන්නවා අම්මා ඔයාට හරිම ආදරෙයි කියලා.
“ඔව්, මමත් ආන්ටිට හරිම ආදරෙයි.”
ඒ රෑ මම කමලා ආන්ටිගේ කාමරේ නිදාගන්න යනකොට, එයා මගේ අත් දෙක අල්ලාගත්තා.
“දුවේ, ඔයා සතුටින්ද?”
“මම කවදාවත් මෙච්චර සතුටින් හිටලා නෑ ආන්ටි.”
“මටත් දුවේ. ඔයා මගේ ජීවිතේ අලුත් පණක් දුන්නා.”
අපි එකිනෙකාව බදාගෙන නිදාගත්තා. මට දැනුණා මට හොදම යාලුවෙක් හොයාගත්තා කියලා. කමලා ආන්ටිගේ අත්වල, එයාගේ ආදරේ ළඟ.
මගේ සති දෙකක නිවාඩුව ඉවරයි දැන් මම මගේ ගෙදර යන්න පිටත් උනා. මම ආයෙත් එනවා ඉක්මනටම ගිහින් එන්නම් ඇන්ටි කියලා මම පිටත් උනා. අන්තිම පාරටහ් එයා මාව වැලද ගත්තා. මට යන්න හිත දුන්නෑ ඒ තරම් සෙනෙහසක් මට එයාගෙන් දැනුනා.
